(2021 මාර්තු 14 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි.)
මෙම සටහන
තබන්නට සුදුසුම වේලාව මෙයදැයි මා දන්නේ නැත. එහෙත් පැහැදිලිවම මෙය තැබිය යුතු සටහනක් බව මම දනිමි. කලාව පිළිබඳ
කියවිම ඉතා පහළ අගයක් ගන්නා සමයක, නිශ්චිත කලාපයක් තුළ, අසීරුතම ඉලක්කයක් වෙනුවෙන්
වෙහෙසෙන කණ්ඩායමක් නැතිනම් ප්‍රකාශනයක් සඳහා ඇගයීමක් දිය යුතුම ය. මේ ඒ වෙනුවෙනි.
‘ඩ්‍රාමා’
නමින් සඟරාවක් නාට්‍ය හා රංග කලා විෂයය ප්‍රමුඛ කොට ගනිමින් අප අතට පත් වනුයේ දෙවසරකට
පමණ පෙර ය. ‘තියටර් වර්ක්ස් නිෂ්පාදන’ පෞද්ගලික සමාගම විසින් ගෙන එන මෙම සඟරාවෙහි
සංස්කාරකවරයා ජෙහාන් අප්පුහාමි ය. ඔහු සමග තවත් කණ්ඩායමක් මේ කර්තව්‍යය පසුපස වන
බවත්, විශේෂාංග රචනය හරහා තවත් රචකයින් සමූහයක් ද ‘ඩ්‍රාමා’ සඳහා දායක වන බවත්
සඟරාවෙහි මුල් පිටු දෙක තුන අපට දෙස් දෙයි.
කලාවෙහි විවිධ
ඉසව් සම්බන්ධව ප්‍රකාශයට පත් කෙරෙන පුවත්පත් සහ සඟරාදිය තත් කලා අවකාශය පිළිබඳ
සංවාදය පුළුල් කිරීම සඳහා අත්‍යාවශ්‍ය ය. අද වන විට මෙය අන්තර්ජාල අවකාශ හරහා
බ්ලොග්, වෙබ් අඩවි යනාදිය දක්වා විහිද පැතිරගොස් තිබුණ ද පුවත්පතට සහ සඟරාවට ලැබී
ඇති ඉඩ ඉන් හැකිලී ඇත බවට අපට අවසන් නිගමනවලට පැමිණිය නොහැක. අනෙත් අතට, තවමත්
ඩිජිටල් මාධ්‍ය ඇසුරු කිරීමෙහි පරිචයෙන් දුරස් පරපුරක් ද අප අතර වන හෙයින්ම මුද්‍රිත
මාධ්‍ය මැදිහත්වීම ද ඉතා වැදගත් තැනක පවතින බැව් යෝජනා කළ හැකි ය. ‘ඩ්‍රාමා’
පුරවන්නේ නාට්‍ය හා රංග කලා විෂයයෙහි එම අවැසියාවයි.
‘සරසවිය’
පුවත්පත සිනමාව සබැඳි සිංහල පුවත්පත් එකතුවෙහි ඉහළම නාමය ලෙස තවමත් දරා සිටින්නේ
දශක ගණනාවක් මුළුල්ලේ එය සිනමා සාහිත්‍යය වෙනුවෙන් ලබා දෙන දායකත්වය මතු නොව, බිඳ
වැටෙමින් හා නැගෙමින් වුව, ‘සරසවිය සම්මාන උළෙල’ ද පැවැත්වීම හේතුවෙනි. එහෙත්,
සිනමාව විෂයයෙහි පුවත්පත දක්වන්නේ, තරු ගුණය අගයමින්, තොරතුරුමය පක්ෂයට වැඩි
නැඹුරුවක් සහිත ලිපි ඉදිරිපත් කිරීමට මිස ඒ හා බැඳුණු වින්දනාත්මක, විචාරාත්මක හෝ
ශාස්ත්‍රීය සාකච්ඡාවකට නොවේ. සෙසු සමාන පුවත්පත්වල තත්වය ද එබඳු ය. එම හිදැස
තරමකින් හෝ පුරවන්නට කලෙක ‘සිනෙසිත්’ ද, පසුව ‘සදිසි’, ‘චිත්‍රපට’ සහ ‘14’ ආදී
සඟරාද දායක වුණු බව පෙනේ.
ජාතික චිත්‍රපට
සංස්ථාව මගින් පිරි නැමෙන ‘චිත්‍රපට’ සඟරාව හැර අද සිනමාව විෂයයෙහි අර්ධ ශාස්ත්‍රීය
මට්ටමින් හෝ පළ කෙරෙන සඟරාවක් හමු නොවේ. ඛේදවාචකය වී තිබුණේ, සිනමාව හා සසඳා බැලූ
කළ, සෘජුවම පාසැල් විෂයය මාලාව තුළ පවා මුණ ගැසුණු නාට්‍ය හා රංග කලා ක්ෂේත්‍රය හා
සබැඳුණු එවැනි සඟරාමය හෝ පුවත්පත්මය මැදිහත්වීමක් නොතිබීමයි. ‘ප්‍රේක්ෂා’,
‘වේදිකාව’සහ ‘කසාය’ යනාදී නමින් නැගීවිත් තිබුණු රංග කලාව ඉලක්ක කොටගත් ‘සඟරා’
මැදිහත්වීම් දිගු වසර ගණනක් මුළුල්ලේ, කලාප බොහෝ ගණනක් සමගවිත් නාට්‍ය ප්‍රේක්ෂකයා
සහ නාට්‍ය හදාරන්නා වෙත පැමිණ තිබුණු වගක් හඳුනාගන්නට නැත.
‘ඩ්‍රාමා’
පුරවාලන්නේ මේ හිස්තැනයි!
‘අයියෙ, මම
දැක්ක ‘අනිද්දා’ පත්තරේට මවුනගුරු ගැන ලියල තිබුණු කොලම් එක. ඒක මරු. අපි ‘ඩ්‍රාමා’
කියල මැගසින් එකක් පටන් ගන්නව. මං ගන්න ද ඒක අපෙ සඟරාවටත්?’
මහාචාර්ය
මවුනගුරු පිළිබඳ දෙවැනි දිගු ලිපියකින් ‘ඩ්‍රාමා’ පළමු කලාපයට දායක වන්නට සිදු
වුණු ජෙහාන්ගනේ මවෙත ලැබුණු ඉහත දුරකථන ඇමතුම හේතුවෙනි. මේ හා සමාන, නමුත් විවිධ
කලාප හා සබැඳුණු දුරකථන ඇමතුම් සහ ඉල්ලීම් බොහෝ අය වෙත ලැබී ඇතුවාට සැක නැත.
කිසිදු වෙහෙසකින් තොරව, ජෙහාන් ප්‍රමුඛ පිරිසෙහි මෙම මැදිහත්වීම හත්වෙනි කලාපය
තෙක් ‘ඩ්‍රාමා’ කැඳවාගෙනවිත් ඇත.
කලාව සබැඳි
කතිකාවන්හි දේශීය සාහිත්‍යමය මැදිහත්වීම්වලදී මගේ ඇස ගැටී ඇත්තේම ඉතා වැඩි වශයෙන්
ඉතිහාසමය කරුණු හා තොරතුරු පදනම් කරගත් පතපොත ය. සඟරා සහ පුවත්පත් ද යළි
මුණගස්වන්නේ, වැඩි වශයෙන් එවැනිම තොරතුරු සැකෙවින් ගෙන එන, ලිපි හා සටහන් ආදිය ය.
ඒ දන්නා, පවතින කරුණුම යළි යළිත් ප්‍රති-රචනා කිරීමක් පමණි. බොහෝ විට, ප්‍රධාන
මූලාශ්‍රයේ ඇති දුබලතා හේතුවෙන් පසු ලිපිය තවත් දුබල තැනකට වැටෙනායුරු ද
හඳුනාගැනීම අසීරු නොවේ. ‘ඩ්‍රාමා’ එතැනින් ද විතැන් වී ඇත.
ගෙවුණු කලාප
කිහිපයක්ම එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා ප්‍රමුඛ අතීත නාට්‍යකරුවන්ගෙන්
එළඹ රාජිත දිසානායක, ධනංජය කරුණාරත්න සහ බුද්ධික දමයන්ත වැනි අද්‍යතන, තරුණ නාට්‍යකරුවන්
පිළිබඳ විමසීම සිය මූලික තේමාව ලෙස තබාගෙන පැමිණ තිබූ අතර, ඊට අමතරව බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්
වැනි ප්‍රමුඛ, විදේශ නාට්‍යකරුවන් මෙන්ම ලෝක නාට්‍ය කලාවේ නව ප්‍රවණතාදිය ද මුල්
තේමාව තුළ තබා තිබිණ. ඒ අතරම, ග්‍රීක නාට්‍ය කලාව, ජපාන නාට්‍ය කලාව ඈ පුරාතන නාට්‍ය
කලාවන්, අගුස්තෝ බොආල් වැනි විකල්පධාරා තුළ නැගුණු නාට්‍යකරුවන්, පෙළ රචනය, අංග
රචනය ඈ නිර්මාණකරණය හා සබැඳුණු ක්ෂේත්‍ර ඇතුළු බොහෝ අංශ සාකච්ඡාවට කැඳවා තිබිණ.
මෙම බහුවිධ බව ‘ඩ්‍රාමා’ ඊ ළඟ කලාපයක් වෙත පෙරමග බලන පාඨකයෙකු තැනීමක් බව පෙනෙයි.
එසේම, ‘ඩ්‍රාමා’
පවතින ප්‍රමුඛ කතිකාවලට එරෙහි ඉම්-බිම් වෙත ද අප යොමු කරන
අවස්ථා නොවන්නේ නොවේ. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ බිරිඳ ලලිතා සරච්චන්ද්‍ර සමග සිදු
කරන මෙම සංවාද උපුටනය උදාහරණ ලෙස ගෙන සිතන්න.
“සරච්චන්ද්‍ර
මහත්තයා එය ෂෝ එකකටයි ගියේ දඹුල්ලෙ. Doctorගෙ හිතේ මේ හැම ශාලාවක්ම ලයනල් එක වගේ කියල.
අපි ඩොක්ටර්ට කිව්ව නම් ‘අපි ගිහිං මේ වගේ හෝල්වල තමයි නාට්‍ය කරන්නෙ කරන්නෙ’
කියල, ඩොක්ටර් අපිට කවදාවත් යන්න දෙන්නෙ නෑ. එයා කියන්නෙ ‘මේ කොළඹ නාට්‍ය පෙන්නුව
නම් ඉවරයි නේද ලලිතා’ කියල.”
‘ඩ්‍රාමා’ සඳහා
‘ඩ්‍රාමා’ යන නමින්ම සඟරාවක් පැමිණීම මෙන්ම එය කලාප හතක් පසු කරමින් ඉදිරියට ඇදීම
සතුට දනවන සුළු හැඟුමකි. ‘ඩ්‍රාමා-කරුවෙකු, රසිකයෙකු, උගන්වන්නෙකු හා ඒ පිළිබඳ
ලියන්නෙකු ලෙස’ ඉහළම සතුට එහි දීර්ඝ, අනවරත පෙරගමන දකිනු ලැබීමයි.
-ප්‍රියන්ත
ෆොන්සේකා -