ජූලි මාසය එළඹෙමින් පවතියි. දිනවලින් නම් තවත් 15කි. ඉතිහාසය දන්නා අයෙකුට ජූලිය කෙතරම් බියකරුදැයි කියා දිය යුතු නැත. එහෙත් දන්නා ජූලියට වඩා බොහෝ නොදන්නා දේ ඒ ජූලියේ සිදුව ඇත. ඇතැම් දේ බියකරු ය. බොහෝ දේ වැදගත් ය. හැරී බලා විමසන්නකුට තේරුම් ගන්නට ඇති බොහෝ කරුණු ඒ මාසය තුළ සැඟව ඇත.
1926 ජූලි 17 වැනිදා සිලෝන් මෝනින් ලීඩර් පුවත්පත මෙවැන්නක් සටහන් කරයි.
“ලංකාවේ සුළුතර ජනකොටස් එකිනෙකා දෙස බලන්නේ සැකයෙනි. ඔවුන් අතර ඇති වෙනස්කම් අති මූලික ඒවා නොවේ යැයි සිතීම සාවද්‍ය ය. අවුරුදු සියයකට පෙර නම් එවැනි වෙනස්කම් තිබුණේ නැත. එම වෙනස්කම් මතු නොවූයේ දමිළයන්, පහතරට සිංහලයින් සහ උඩරට සිංහලයින් යන ජන කොටස් ඉංග්‍රීසින් විසින් පාලනය කරනු ලැබූ නිසා ය. එහෙත් ලංකාවේ ජනයා ආණ්ඩු බලය තමන් අතට ගැනීමට අවශ්‍ය වේ යැයි කතා කළ මොහොතේ පටන්ම, යටගැසී තිබුණු වෙනස්කම් ගිනි අඟුරු මෙන් මතු වී එන්නට පටන් ගැණුනි.“
ඒ ප්‍රකාශය ඉන් වසර 30කට පසු අගමැතිවරයා ලෙස බලයට පත් බණ්ඩාරනායකගේ ය. සුළුජාතික අයිතීන් ගැන අදහසක් තිබුණු බව පෙනෙන ඉහත කියමන කිවූ බණ්ඩාරනායක අගමැති වූ පසු චෙල්වනාගයම් සමග ගිවිසුමකට අත්සන් කළේ නැගෙන්නට ඉඩ තිබෙන බවට සංඥා දැල්වුණු අර්බුදයක් සමනය කරන්නට ය.
ගිවිසුම අත්සන් කළේ 1957 ජූලියේ ය! හරියටම කියනවා නම් ජූලි 27 වැනි දා ය.
ගිවිසුම ඉන් ටික දිනකට පසු ඉරා දමන්නට සිදු වූයේ පූජ්‍ය පක්ෂය මුල් කරගත් විපක්ෂය මහා විරෝධයක් ගොණු කළ නිසා ය. එය ඉරා දමමින් බණ්ඩාරනායක මෙසේ කීවේ ලු!
“ඔබ වහන්සේලා මෙයට විරුද්ධ නම් මා මෙය ඉරා දමන්නම්. නමුත් මෙය ඉරා දැමීම තුළ රටේ අනාගතයේ දී හානිකර ප්‍රතිඵල ඇතිවිය හැකි ය. ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න“
භාෂාව, පුරවැසිභාවය, පාලන නියෝජනය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ සෙවුණු යහපත් අදහස් ඉරී ගියේ ය. දෙවසරකට පසු, බණ්ඩාරනායක සිවුරු හැඳ ආ තැනැත්තෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් විය.
වසර ගණනාවක් පුරා බලයේ සිටින පක්ෂ හා ද්‍රවිඩ නියෝජිතයින් සාකච්ඡා කරමින් හා යෝජනා ගෙනෙමින් ද, විරුද්ධ පක්ෂ ගෙනෙන සියල්ලට විරුද්ධ වෙමින්ද ගෙවිණි. වාමාංශිකයෝ පවා විටෙක ‘ඩඩ්ලිගෙ බඩේ -මසල වඩේ‘ කියමින් මහමග පෙළපාලි ගිය හ.
අවසන තවත් ජූලියක් එළැඹිණි. ඒ 1975 ජූලි මාසයයි.
1975 ජූලි 28 දින යාපනය නගරාධිපතිවරයාව සිටි ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ප්‍රභාකරන් නැමති තරුණයකු විසින් වෙඩි තබා ඝාතනය කෙරිණි.
ජූලි මාස පසුවෙමින් යද්දී සුළු ජාතික අසහනයන් දැඩිව නැගෙමින් පවතින බව ද, සිය ජාතියේම වුව තම දැක්මට එරෙහි වන්නන් මරා දැමෙන යුගයක් එළඹෙමින් පවතින බව ද කිසිවකුට පෙනී ගියේ නැත.
අනතුරුව එළැඹියේ ජූලියට සූදානම් වීමේ සමයයි.
ජූලිය එළඹෙන්නට මත්තෙන් 1981 ජූනියේදීම යාපන පුස්තකාලය ගිනි තැබීම ඇතුළු අති බිහිසුණු සංස්කෘතික විනාශයන් දකුණේ පාලනය විසින් සිදු කරන ලද්දේ ය. දමිළ තරුණයින් අත්අඩංගුවට ගැනීම, පහර දීම, මරා දැමීම වැනි දේ ද සිදුවෙමින් පැවතිණි. ජූලියට පෙර සූදානම් හැමතින්ම පෙණිනි. අනතුරුව සියල්ලට පසු, බිහිසුණුම ජූලිය එළඹුණේ ය.
ඒ 1983 ජූලියයි.
ලේ වැකුණු රුධිරයේ වර්ණ වියැළි යන තෙක්ම රාජ්‍ය නායකයින් නෙත් පියා සිටි බැවින් එය රතු ජූලිය යැයි නම් නොලබා ‘කළු ජූලිය‘ යැයි නම ලද්දේ ය. උතුරේ දී හමුදා භටයින් 13ක් මරා දැමූ ද්‍රවිඩ සටන්කාමී සංවිධානයක් සමග ඇති වුණු කේන්තිය නිවා ගන්නට දකුණේ ජීවත් වුණු කිසිවක් නොදත් නිරායුධ සිවිල් වැසියන් දහස් ගණනක් මරා දැමිණි. දේපල විනාශ කෙරිණි. ස්ත්‍රීන් කෙළසිණි. බොහෝ දේ සිදුවිණි.
කළු ජූලිය උතුරට තිස්වසක යුද්ධයක් සපයා දුන්නේ ය. රටටම එහි විපාක ගෙනැවිත් දුන්නේ ය. වසර පහකින් දකුණේ තරුණ කැරැල්ලක් ඇති වන්නට පසු බිම ද සපයා දුන්නේ ය.
වේදනාව හා කළකිරීම නිසා රටින් පිටව ගිය අය බටහිර දෙසටත් නැගෙනහිර දෙසටත් පියාසර කළ හ. පිටව යෑමට ශක්තිය නැත්තෝ රටේ උතුරට ගොස් සංවිධාන හා එක් වූ හ. ඇතැමුන් යළි ලංකාව දෙස හැරී නොබැලූ මුත් වෛරය ඉතිරි වූ ඇතමෙක් උතුරේ සටනට ආධාර ද එවූ හ. ලක්ෂයකට නොඅඩු ජීවිත උතුරටද දකුණටද අහිමි විය. යුද්ධය කෙළවර විය. කම්පන හා ක්ෂිතිමය අත්දැකීම් ඉතිරි විය.
අවස්ථාව සෙවූ ජේආර් රජය වමේ පක්ෂ තහනම් කළේ ය. බොහෝ පක්ෂ නිහඬව හිඳිද්දී ජවිපෙ සන්නද්ධ මාවත තෝරා ගත්තේ ය. ලක්ෂයකට ආසන්න ජීවිත අහිමි කරමින් හා නොමැකෙන කම්පනයන් පමණක් ඉතිරි කරමින් අරගලය කෙළවර විය.
ඒ සියල්ල ජූලි මාසයක හැරවුම් ලක්ෂය සාදා දුන් ප්‍රතිඵලයන් ය!!
ඒ අතර වසර ගණනක් තුළ හමුවුණු ජූලීන්වලද විවිධ දේ සිදු විය.
1987 ජූලියේ දී ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කෙරිණි.
ඉන්දීය හමුදාවන්ගේ පීඩනයන්ට උතුරේ සිවිල් වැසියන් මුහුණ දුන්නා මිස කිසිවකු දිනුවේ නැත. අත්සන තැබූ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඉන්දියාවේදීම පසුව ඝාතනය කෙරිණි.
2004 ජූලියේ පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය කොළඹදී සිදු විය.
ඊලාම් යුද්ධ ත්‍රිත්වයට පසු, 2006 ජූලියේ ඇරඹුණු හතරවැනි ඊලාම් යුද්ධය තුන්වසක් පුරා ඇදී යන්තම් 2009 ජූලියට දෙමසකට පෙර කෙළවර විය.
සැබවින්ම ජූලි මාසවල දී පමණක් නොව ඉතිරි මාසවලදී ද නොවිය යුතු බොහෝ දේ සිදු විය. මහා මිනිස් ඝාතන, වේදනා, අහිමිවීම්, ලේ, කඳුළු නිරතුරුව පෙණින. ප්‍රභාකරන් නැමති තරුණයා ප්‍රභාකරන් විය. මහා මාර්ග දෙපස ‘රණවිරු‘ බස් නැවතුම් ඉදිවිණි. උතුරේත් දකුණේත් අම්මලා නොපැමිණෙන දරුවන් දකින්නට මග බලා උන් හ.
මේ 2014 වසරයි. තවත් ජූලියක් එළඹෙමින් පවතියි. ඉතිහාසයේ මුග්ධකම් හා ජඩකම් දෙස බලා පාඩම් ඉගෙන ගන්නේද, යළි අතීතය කැඳවන්නේ ද යන්න තීරණය කළ යුත්තේ අපම ය.
ආයුධ ද ඇත. 1957 ජූලියේ පෙරට ආ සිවුරු දාගත්තවුන්ට වඩා දාමරික සිවුරුකාරයින් එළිමහනේ ය. 1983 ජූලියේදී තරම්ම හෝ ඊටත් වඩා ස්වාර්ථයම විමසන ආණ්ඩුවක් බලයේ ය. එදාටත් වඩා නිර්ලජ්ජිත ලෙස මාධ්‍ය ප්‍රකාශ නිකුත් කළ හැකි නිල ප්‍රකාශකරුවන් ද සූදානමිනි.
ආයුධ ද ඇත. 1957 ජූලියේ පෙරට ආ සිවුරු දාගත්තවුන්ට වඩා දාමරික සිවුරුකාරයින් එළිමහනේ ය. 1983 ජූලියේදී තරම්ම හෝ ඊටත් වඩා ස්වාර්ථයම විමසන ආණ්ඩුවක් බලයේ ය. එදාටත් වඩා නිර්ලජ්ජිත ලෙස මාධ්‍ය ප්‍රකාශ නිකුත් කළ හැකි නිල ප්‍රකාශකරුවන් ද සූදානමිනි.
ජූලි මාසය එළඹෙමින් පවතියි.
-ප්‍රියන්ත ෆොන්සේකා -
සිතුවම හා කවිය - http://ctya.org/blog/wp-content/uploads/BlackJuly83.jpg
සිතුවම හා කවිය - http://ctya.org/blog/wp-content/uploads/BlackJuly83.jpg
යක්ශයගෙ චක්‍රය
ReplyDeleteකැරකී කැරකී
ලංකාව කාදමන්න
ඔන්න බර අඩි තබමින් කොරහත් අරං
නිදහස ගත්තෙ සුද්දන්ගෙන්
අපි අපිට ඕන විදියට අහිංසකයින්
තලා පෙලා කා කොටා ගෙන
සතුන් මෙන් ජීවත් වෙන්ට නොවැ
සූදානම් වන්න
පක්ශ තහනමට
ඡන්ද වර්ජන, ලේ වැගුරුම්
තුවක්කු බෝම්බ මැද මැතිවරණ
තමුන්ට නහම්බෙන ඡන්ද
ඉහලින් ගියත් පහලින් ගියත් මොකෝ
යන යකා කොරහ බිඳින්නයි ලෑස්තිය
අවසාන තුරුම්පුවත්
ගසා ඇත
දයල් බතී