Thursday, July 18, 2013

ඔහු හරිම කොට ය!



සංජීව පුෂ්පකුමාර කොට ය. ඒ බව ඔහු විසින්ම 2011 - ශාන්ත පීටර්ස්බර්ග් සිනමා සම්මාන උළෙලේදී ‘නිව් ටෙරිටරීස්‘ අංශයේ හොඳම අධ්‍යක්ෂකට හිමි සම්මානය ලබමින් කියනු ලැබ ඇත. ඔහුගේ මේ නොඋස්කම නිසා ම ස්වාධීන රූපවාහිනිය ප්‍රමුඛ බොහෝ මාධ්‍යවලට ඔහු පුෂ්පකුමාර ‘නැමැත්තා‍‘ නම් විය. තරමක් හෝ උසක් තිබ්බා නම් අඩු තරමින් ඔහුට ‘මහතා‘ කෙසේ වෙතත්, නිකම්ම ‘සංජීව පුෂ්පකුමාර‘ වත් වන්නට ඉඩ තිබිණි. ලෝක සිනමා වපසරිය තුළ කෙසේ වෙතත් ශ්‍රී ලාංකික සිනමා වපසරිය තුළ සංජීව තවම කොටෙකු බැවින් ධර්මසිරි බණ්ඩාරනායක සහ ප්‍රසන්න විතානගේ හැර වෙනත් සිනමාකරුවන් එක් අයෙකුවත් ‘ඉගිල්ලෙන මාළුවෝ‘ වෙනුවෙන් තවම නම් හරියකට කටක් ඇර නැත.

කොටකු වීමේ පල විපාක එතනින් කෙළවර වී නැත. මේ ‘කොටකම‘ නිසාම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට හැරුණු විට අනෙත් හැමෝටම වාගේ සංජීවට හා චිත්‍රපටයට කලින් පෙනුනේ ‘බැටේ දෙන වෙලාවේ දෙකක් ඇණ සල්ලං කර දමන්නට‘ හිතාගෙන පිටුපසින් ගෙනවිත් සිටවූ උස මිනිසකු වූ ගාමිණී වියන්ගොඩ ව ය. උස වියන්ගොඩට කොටයන්ට දෙන ‘නැමැත්තා‘ නාමය දෙන්නට ගොස් ස්වාධීන රූපවාහිනිය හතර වරං ගසා ගත්තේ ය. ඒ උස අය බොහෝ දෙනෙක් පැමිණ වියන්ගොඩ උස බව පෙන්වා දුන් නිසා ය.

වියන්ගොඩ උස බව සැබෑ ය. සන්සන්දනාත්මක ව බැලූ කල මේ මොහොතේ ලංකාවේ සිටින උසම අය අතර වියන්ගොඩ ද වෙයි. එහෙත් වරද අපි බලමින් සිටින්නේ උස් තැන් දෙස පමණක් වීම ය. ඉක්මණින්ම පහළ ද නොබැලුවහොත් කොටට පෙනෙන සංජීවලා හැමදාටම නොපෙනී යන්නටද බැරිකමක් නැත.  

සංජීවලාගේ ‘කොටකම‘ ගැන කතා කරන්නට ඇති ඉතිරි බොහෝ දේවල් පසුවට කල් තබමු. ඊට පෙර අපි මේ ‘කොටත්වය‘ට හේතු වූ කරුණු ද සමහරක් කියවෙන බව පෙනෙන සංජීවගේ ශාන්ත පීටරස්බර්ග් සිනමා සම්මාන උළෙලේ අදහස් දැක්වීම විමසා බලමු. ‘ඉගිල්ලෙන මාළුවෝ‘ සිනමාපටය පිටුපස සිටි, තවමත් සොයාගන්නට බැරි වී ඇත්නම් හඳුනාගත හැකි, කට්ටිය ගැන මේ සංජීවම කියන්නෙ!!!!

 

“මම හරිම කොටයි!

මේ මල් හරිම ලස්සනයි... ඒත් මගේ ජීවිතේ ලස්සන නැහැ.
පළවෙනියෙන්ම මට ඕන මේ ලබපු සම්මානය පිළිගන්වන්න මගේ අගය කරනම සිනමාකරුවන් අතරින් දෙදෙනෙකුට...
එක අයෙක් මියගිහින්... මං අදහස් කරන්නෙ.. එයාට මිය යන්න සිදු වෙලා... හුඟක් කාලෙකට ඉස්සර...
අනෙත් සිනමාකරුවා, එයා තවම ජීවතුන් අතර... ඒත් සමහර මිනිස්සුන්ට ඕන ඔහුව මරා දමන්න...
පළමුවැන්නා, අන්ද්‍රෙයි තරකොව්ස්කි...
මම පිළිගන්වනවා මේ සම්මානය ඔහුගේ නමට...
ඊළඟට, අනෙක් කෙනා, ජෆාර් පනාහි...
එරෙහි වෙන ගමන් ඉරානයේ බිහිසුණු සහ අමන, තකතීරු පාලනයට...මට ඕන පිළිගන්වන්න මේ සම්මානය ඔහුට...

ඊට පස්සෙ මම මගේ අම්මාට ස්තුති කරන්නම ඕන...
හේතුව... මේ චිත්‍රපටය මම හැදුවෙ, ඇමරිකානු ඩොලර් විසිපන්දහසක වියදමක් ඇතුළත...
මගේ අම්ම හැදුව කෑම පාර්සල් හැත්තෑවක්, මිනිස්සු හැත්තෑවකට..
දවස් දාහතක් තිස්සෙ...
එයාගෙම අත්වලින්, කිසි කෙනෙකුගේ උදව්වක් නැතුවම...
චිත්‍රපට කණ්ඩායමේ සියල්ලන්ටම...
ඒ නිසා මම මගේ අම්මට ස්තුති කරන්න ඕනමයි...

ඒත් එක්කම මගේ කණ්ඩායමට සහ කිසිම මුදලක් නොගෙන රඟපෑ මගේ කණ්ඩායමේ ප්‍රධාන නිළියට...
මම ඒ ගොල්ලන්ට ස්තුති කරන්න ඕනමයි...
ඊට පස්සෙ මගේ අනුග්‍රාහකයා වුණු, මට ඇමරිකානු ඩොලර් විසිපන්දහසක පමණ මුදලක් දුන්නු, මනෝහර නානායක්කාර මහතාට...

ඒත් එක්කම කරුණු දෙකක් තියෙනව, මම ස්තුති කරන්නම ඕන හැම ශ්‍රී ලාංකිකයෙකුටම...
හේතුව මම ඉගෙන ගත්තෙ නිදහස් අධ්‍යාපනය යටතෙයි ලංකාවෙදි...
ඒ නිසා මම ස්තුති කරන්නම ඕන...
ලංකාවෙ හැම දෙනාටම...

මම ස්තුති කරන්නම ඕන කොරියානු සමාජයට, කොරියානු ජනතාවට...
ඒ කියන්නෙ මම සිනමාව ඉගෙන ගන්නව 2007 ඉඳන් අද වෙනකම්ම,
  කිහිප වතාවක්ම ගිහින් කොරියාවෙ ඉඳන්...
මේ හැම වෙලාවකම...
 2007 දිත්, 2009 දිත්, මේ අවුරුද්දෙත්...
කොරියානු රජය මට අතහිත දුන්න...
මගේ අධ්‍යාපනය වෙනුවෙන් කොරියානු මිනිස්සුන්ගේ බදු සල්ලි වෙන් කරල...
ඉතින් මම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනමයි...

ඊළඟට මම ස්තුතිවන්ත වෙන්න ඕන රොටර්ඩෑම් සිනමා උළෙලට...
ලන්දේසි ජාතිකයින්ට...
මට ඔවුන්ගේ බදු මුදල් එකතුවෙන්...
හුබර්ට් බාල් පදනම හරහා සල්ලි දුන්නට..
මගේ චිත්‍රපටියෙ වැඩ ඉවර කරගන්න..
සමහර විට මේ මට ලැබෙන අන්තිම වතාව වෙන්න පුළුවන්
ඒ ගොල්ලන්ට ස්තුති කරන්න ඉඩ ලැබෙන...

අවසාන වශයෙන් මම කැමතියි මේ උළෙල සංවිධායකයින්ට ස්තුති කරන්න...
මේ විශිෂ්ට නගරයට...
උළෙලේ  වැඩසටහන් අධ්‍යක්ෂ අංජලිකාට..
මගේ චිත්‍රපටය මේ සදහා තෝරාගත්තාට...

අන්තිමේ මම කියන්න ඕන...
අනෂ්ටාසියා, ෂෙන්යා ඒත් එක්කම එලේනා..
ස්තුතියි ඔය ගොල්ලන්ට...
හේතුව රුසියානු තානාපති කාර්යාලය එකඟ වුණෙත් නැහැ මුලදි
මට වීසා එක දෙන්න මෙහෙට එන්න...
ඒ ගොල්ල හිතන්න ඇති මම නතර වෙයි කියල..
මම ආදරෙයිනෙ මෙහෙට...
මෙහෙ උන්නු සහ ඉන්න...
තරකොව්ස්කිට...ඇලෙක්සැන්ඩර් සොකොරොව්ට.... ගොගොල්ට.. දොස්තයෙව්ස්කිට... වගේ අයටත්...
ඉතින් ඔයාල ගොඩක් මහන්සි වුණා...
මගේ වීසා එක අරන් දෙන්න...
මට මෙහෙට එන්න...

සමාවෙන්න මම ගොඩක් වෙලාවක් ගත්ත ස්තුති කරන්න...
බොහොමත්ම ස්තුතියි...!!“


පසු සටහන: ඉහත වන සංජීවගේ අදහස් දැක්වීම තුළ මවිසින් තද අකුරින් දක්වා ඇත්තේ චිත්‍රපටයට සෘජුව හා වක්‍රව උදව් කළ බව පෙනෙන පිරිස ය. ඒ මේ පසුපස වන පිරිස සොයා යන පරීක්ෂකයකුට උදව්වක් ලෙස ය.

3 comments:

  1. අප අසරණ වෙලා වගේ හිතට දැනෙනවා, බුදු හාමුදුරුවණේ...!

    ReplyDelete
  2. මේ තරම්ම සංවේදී නායකයින්ට මේ කතාවල තියෙන අවංකකම, හෘදයාංගමබව නොදැනීම අපේ කරුමෙම වෙන්න ඕන....

    කලා නිර්මාණ, කලාකරුවන් වෙනුවෙන් සාධාරණය ඉටු කරන්න මැදිහත්වීමක් කරන ජාත්‍යන්තර බලවේග ඇත්තෙම නැද්ද?

    ReplyDelete
  3. මේ සටහන දාන්නේ එකම හේතුවක් උඩ අපි සිනමා කරයෝ වෙන්න පෙරැම් පුරපු පරම්පරාවක සාමාජිකයෝ අපට උදව් කරන්න කවුරැත් හිටියේ නැහැ අපි මාතර සිනමා වැඩමුලුවක් කලා ඒකට සංජීව ඇවිත් අද තහනම් කරලා තියෙන චිත%පටිගේ ස්කිප්ට් ැකම අරගෙන අපට ස්කිප්ට් එකක් ලියන හැටි ඉගැන්වුවා බස් කුලියකටත් නොසෑහෙන මුදලකට අපි වෙනුවෙන් මාතර ආපු සංජීවට අපට කරන්න පුළුවන් කලාවේ නිදහස වෙනුවෙන් වෙච්ච අරගලයක් වෙනුවෙන් ජීවිතය කැප කරන එක විතරයි

    ReplyDelete