(2020 නොවැම්බර් 29 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි)එළඹෙන සංවාදයේ පෝස්ටරය
කොරෝනාව පරදිනු ඇතත් ඒ සඳහා වන දිනයක්
පිළිබඳ නිශ්චිත අනාවැකි කිසිවකුට කිව නොහැකි ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා
නොබෝ දිනයක කියා තිබුණේ එන්නත් සොයා ගනිමින් තිබුණ ද වෛරසය මුළුමනින්ම පරාජය
කිරීමට ඒ ප්‍රමාණවත් නොවනු හැකි බවයි. අවිනිශ්චිත බව, දොම්නස ඇතුළු බොහෝ සෘණාත්මක
හැඟීම් මේ හා සමග අප වෙත සම්ප්‍රේෂණය වෙමින් පැවතිය ද, පෙර සතියේ මා ප්‍රාසාංගික
කලා අවකාශය තුළ වෛරසය සමග ප්‍රතිමුඛ ව සටනට බට කලා නිර්මාණකරුවන් සහ ක්‍රියාධරයින්
පිළිබඳ සඳහන් කළ පරිද්දෙන්ම, ඒ සමාන ලෙස, නැගී විවිධ නව සංවාද කලාප තනා සහෘද මනස්
අවුළුවන යම් පිරිස් හේතුවෙන් කලා සාහිත අවකාශ වෙත අප නෙතු යොමු වෙයි; ජීවිතයෙහි
අගය ද යළි අප වෙත නැගෙයි.
‘සූම් ටු පොයම්’ නොඑසේ නම් සූම් අවකාශය හරහා
කවිය පිළිබඳ ඇරඹී තිබුණු නව සංවාද මණ්ඩපය එවැනි එක් අපූර්ව අවකාශයකි. සෑම සඳුදා
දිනකම රාත්‍රී අටට මෙරට මතු නොව ලොව පුරා විසිර සිටින ලාංකික කවි කිවිඳියෝ සහ කවි
සහෘදයෝ සැළකිය යුතු පිරිසක් තෝරාගත් කෘතියක් හෝ කවියක් පිළිබඳ සංවාදයකට පිවිසීම
මෙහි දී සිදු කරමින් සිටිති. මෙය මා ලියන මොහොත වන විට එවැනි හමු 24ක් නිමාව දැක
තිබිණ. ප්‍රමුඛ කවි කිවිඳියන්ගේ කෘතීන් මෙන්ම කවි කෙත වෙත තීරණාත්මක මැදිහත්වීම්
සිදු කළ කවීන් පිළිබඳව ද ඒ හමු තුළ සාකච්ඡා කොට තිබිණ.
භාෂාවෙහි මායිම් මතු නොව දේශ සීමාවන්හි
මායිම් ද ඉක්මවමින් කවිය නමැති මහා දහර ගලා බසිනායුරු මෙම සාකච්ඡා අතරතුර සංවාදයට
බඳුන් වනු එහි ගොඩ වැදි තැන්හිදී මගේ සවන් වැකිණ. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්
සිය දශකයකට නොඅඩු රුසියානු ජීවිතය හරහා මෙරටට රැගෙන ආ, එරට සමාජ-සංස්කෘතික ආශ්‍රයෙන්
ද පරිණත, රුසියානු කවිය සිංහලයට නැගීම හා ඒ පිළිබඳ කළ සාකච්ඡාව මෙන්ම පරිවර්තකයාම
ඒ කවි එහි මුල් බසින් ගයමින්ම සංවාදය නැංවීම (මෙය පුරා සති දෙකක් විහිද ගිය
වැඩසටහනකි.) එවැනි මහරු-අතත්‍ය අවකාශමය අත්දැකීමකි. නන්දන වීරසිංහ වැනි වත්මන් ප්‍රමුඛ
කවියෙකු පිළිබඳ සජීවී සංවාද මණ්ඩපයක් තැනීම, ප්‍රභාත් ජයසිංහගේ ‘අනවරත’, මාලන්
බණ්ඩාර කපුවත්තගේ ‘නිමා වූ සෘතුවක ශේෂ පත්‍ර’ ඇතුළු පද්‍ය කෘති කිහිපයක්ම සංවාදයට
කැඳවීම කිසිසේත් අනෙක පරයා නැගෙන්නට නොහැකි, සමාන බරකින් යුතු පියවර පෙළකි.
කොරෝනාව ලොව බිය නොගන්වන්නට, කලා රසික සමාජය
නිවස තුළ වැඩිපුර නොතබන්නට පෙර පියවර කිහිපය ඇතුළු පියවර රැසක් පිළිබඳ කිසිවකු
උනන්දු නොවන බව පැහැදිලි ය. විශේෂයෙන් ප්‍රංශයේ ජීවත් වන මංජුල වෙඩිවර්ධන වැනි
කවියෙකු හැකි සෑම සතියකම මෙරට සාකච්ඡා මණ්ඩපයකට කැඳවීම ඇතුළු විදේශීය නිර්මාණකරුවන්
හා සහෘද සමාජය එකම අවකාශයක හිඳුවා ගැනීමේ වැඩි ගෞරවය ද කොරෝනාවට ම ය.
මෙවැනි අවකාශ, මේ හේතුවෙන්ම, තවත් පදනම්
කිහිපයක් ම සාදා දෙයි. උදාහරණයකට, සිය කෘතිය පිළිබඳ පවතින සංවාදය, ඇගයුම් හා වැඩදායක
විචාරයන් හේතුවෙන් ඉදිරි නිර්මාණකරණයන් සඳහා පිවිසීමට යම් උද්යෝගයක් නිර්මාණකරුවන්
තුළ ඇති වීමට මග පාදයි. සහෘදයා තුළ ඇති කියවීම සමග නිර්මාණකරුවගේ පරිකල්පනයන්හි
දිග පළල සසඳා බැලෙමින් දිවෙන ගැඹුරු සංවාදයන් කිසි විටෙක සෘණාත්මක ප්‍රතිඵල ළඟා කර
නොදෙනු ඇත. දෙවැනුව, මෙම සංවාද මණ්ඩප හරහා ගොඩ නැංවෙන, පශ්චාත් කොරෝනා සමයක්
එළඹුණු දිනයක නොබිඳෙන, කවි කිවිඳ සහයෝගීතාවන් ඉදිරියට තව දුරටත් විහිදීමේ ඇති වැඩි
ඉඩයි. සංවාදය, අනිවාර්ය ක්‍රියාකාරීත්වයක් බවට ස්ථිර කෙරෙත්ම එහි දිගුකාලීන පැවැත්ම
ස්ථිර කෙරෙනු ඇත.
කම්මැල්ලවීර, විජේසිරිවර්ධන, අමරකීර්ති,
වෙඩිවර්ධන, සුනිල් සෙනෙවි ආදී ප්‍රමුඛ සාහිතකාරකාදීන් සමග විහිදෙන සංවාද දෙස බලා
උන් පසු පරපුරෙහි තරුණ උනන්දුකරුවන් ද සමාන සංවාද මණ්ඩප තනා තිබෙනු දැකීම තව
දුරටත් මෙවැනි සංවාදවල ධනාත්මක බලපෑම පහදයි. ස්වකීය අවකාශවල ලියැවුණු හෝ ලියැවෙන
කවි හා සාහිත රචනා යළිත් වෙනත් අතත්‍ය අවකාශයක සංවාදයට ගැනීම අපූරු ය. සංවාදයන්
බෝවීම, විසම්මුතියෙහි අගය වටහා ගනිමින් ඒ සංවාද තව දුරටත් නැගී යාම හෙට දිනය
පිළිබඳ පැහැබර සිතුවිලි තනයි.
නමුත් මේ සියල්ල කොරෝනා හේතුවෙනි!
කොරෝනාව අප නිවෙස තුළ තබමින්, සමාජයෙහි සෙසු
සියල්ලන් ‘අනෙකා’ ලෙස මීටරයක් හෝ දුරින් තබන්නැයි යෝජනා කරමින් අප වෙත තැබූ
‘නිරෝධායන අවකාශ’ අප විසින් ‘අතත්‍ය, සාහිත කලා අවකාශ’ බවට පත් කර ගැනීමත් සමග
පශ්චාත් කොරෝනා සමය පිළිබඳ වඩාත් පිරුණු සිතින් බැලිය හැකි ය.
-
ප්‍රියන්ත ෆොන්සේකා -
ප්‍රියන්ත ෆොන්සේකා මහතා මේ ඇගයිම වෙනුවෙන් ඔබට Zoom2Poem අපගේ ගෞරවණීය ස්තුතිය පලකරමි. නිරෝෂ ප්‍රනාන්දු
ReplyDeleteස්තුතියි නිරෝෂ!
DeleteGreat. ☺
ReplyDelete