Saturday, May 19, 2012

සිනමාව : අප අතරම


tA 1895 jI_fha wjika udihhs' b;d l=vd msrsila" m%xYfha" mersia kqjr" .%Ekaâ lef*a kue;s fydag,hg tla /ia ù Wka y' T.iagia yd ¨ù ¨ñfha ifydaor fom<f.a werhqfuka Tjqka meñK isáfha f,dalfha m<uq zp,k Ñ;%Z fm< oel .kakg h' iaj,am fudfyd;lska" bosrsfha jQ" lsisjla fkd;snQ oaúudk ;srhlska u;=jQ ¨ñfha fidfydhqrkaf.a *elafÜrs fodrgqfjka msgjk uy fik. fya;=fjka Tjqka ;e;s .;a;o" u;=j wd ÿïrsh fya;=fjka ìhg m;a jQjo" ;uka fï olsñka bkafka bosrs ishjfia f,dj wdl¾YKShu l,dfõ Wm; nj y÷kd.;a tla wfhl= fyda jQ tys jQ njg kï idlaIs ke;'

wo" l=vd msrsia f,i fyda uy msrsia f,io" fkdtfiakï ;ksju o wms zp,k Ñ;%Z krUuq' ld,h;a iu. zp,k Ñ;%Z" zÑ;%mgZ njg;a" wk;=rej ziskudjZ njg;a m;aj we;' wo iskud ;srh hkq ;j ÿrg;a wm ìhm;a lrjkakla fkdfõ' ÿïrsh muKla fkdj wyfia irk woaN+; hdkd" b.s,af,k ñksiaiq" fyd,auka yd wj;dr" msg ilaj, cSùka ;srh u;oS wmg yuqfõ' tfy;a ta yqfolau iskud ;srh u; wef|k rEm fm<la muKlau nj wms fyd|ska oksuq'

iskudj ;j ÿrg;a wm ìhm;a lrk bkaøcd,hla fkdfõ' th wm w;ru mj;skakls¦ wm iu. .kqfokq lrkakls' tosfkod osúfha wfkal úO in|;d w;r iskudj yd mqrjeishd w;r in|;dj m%Odk ia:dkhla ysñlr .kakls' wo wm iskudmg krUkafka iskud Yd,djlska muKla fkdfõ' ù'iS'ã' fyda ã'ù'ã' ;eá f,i ,nd .ksñkao" rEmjdyskS kd,sld yryd flfrk o¾Yk u.skao iskud mg wmg yuqfõ' fyd,sjqvfha fyda fnd,sjqvfha" ,Ë .Kkska uqo,a jeh lr iE¥ iskud mghla fld<U fyda m%Odk k.rhl mosl fõosldfõ remsh,a 50lg fyda 100lg úlsKSug ;nd ;sfnkq oelsh yel'

mosl fõosldfjka ñ<g .;a;o" rEmjdyskS kd,sld yryd yuqjqjo jvd jeo.;a jkafka iskudj ksis f,i jgyd .ekSuhs' wms w;ru iersirk wfhl= ksis f,i jgyd fkd.ekSu wmgu ydkslr jk fyhska tu y÷kd .ekSu b;d jeo.;a jkq we;'

iskudj wm w;ru yuqjන්නට tla m%Odk lreKla jkafka th ckm%sh ixialD;sfha m%Odk wx.hla ùuhs' bkaoSh ;rejl we÷ï rgdj wfma ;reK ;reKshka w;f¾ ckms%h ùfï isg wfma we.hqï ;SrKh lsrSu olajd fuh oeka úysfohs' wm fuh jgyd .; hq;=uh' iskudj yryd tk ixialD;sh yd ksis f,i .Kq fokq l< yelafla túg h'

iskudj uyd mrsudK ksIamdokhla nj;a" tys .eKqïlrefjda wm nj;a jgyd.;a úg fj<|mf,ka WÑ; hula ñ<oS .kakd f,iu wmg fyd| Ñ;%mghla fidhd .; yels jkq we;' tfiau iskudj yryd flfrk iudch ms<sn| l;dny jgyd .kakg h;ak or;au wmg iudch fy<s jkq we;¦ ta yryd f.k tk u;jdo jegfykq we;'


iskudj m%n, l,d udOHhls' by<skau jecfUk úkaok udOHhls' Ñ;%h" k¾;kh" ix.S;h wdoshg jvd fuh wms w;ru irkakla fyhska ukdj y÷kd.; hq;= h' fkdtfiakï wm wirK jk fyhsks'

Sunday, January 23, 2011

විදූ ගැන නොලියමි



සැවොම මේ දිනවල ‘විදූ’ ගැන කතා කරති. හඳගම, තමන් බලාපොරොත්තු නොවූ ආකාරයේ චිත්‍රපටයක් තැනීම ගැන උරණ වූවෝ ද, ‘ගුහාවෙන් එළිය‍ටවිත්’ හඳගම යථා ලොවට පිවිසියේ යැයි ඔල්වර නගන්නෝ ද ඒ අතර වෙති.  තමන්ගේ ලෝකය තුළ හඳගම ‘සුපර් මෑන්’ කෙනෙක් වෙනු ඇතැයි සිතා සිටි අයෙක්  ‘අක්ෂරය’‍ට ආ තහනම හමුවේ ඒ ඉටු නොවුනු කල වේදනා විඳිනු පෙනේ. ‘විදූ’ ගෙන ඒමත් සමග තවත් කෙනෙකුට පෙනෙන්නේ හඳගම ‘ස්පයිඩර් මෑන්’ කෙනෙක් වී ඇති බව ය. ඒ අනුව ඒ සැවොම විදූ ගැන කතා නොකරති. කතා කරන්නේම හඳගම ගැන ය.
සිනමා කෘතියක් පිළිබඳ කෙරෙන කතිකාවකදී හෝ විචාරයකදී එහි නිර්මාපකයා පිළිබඳ සාකච්ඡා කිරීම අත්‍යාවශ්‍ය බව සැබෑවකි. එහෙත් ඒ එක් උප අංගයක් පමණි. අනෙක් අත‍ට කෘතිය හා කෙරෙන සමාජ කතිකාව නිර්මාපකයා ගොඩ නංවන ලද මානයන් ඉක්මවනු ඇත. ඒ පිළිබඳ හඳගම විසින්ම වරෙක ගුවන් විදුලි නිවේදකයෙකුට දුන් පිළිතුරක් උදාහරණ ලෙස ගත හැක.
නිවේදකයා: ඇත්තටම ඔබට කියන්න පුළුවන්ද මොකක්ද ඔබ ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රප‍ටයෙන් කියන්න හැදුවෙ කියල...?
හඳගම: මේ චිත්‍රපටය දැන‍ට ලක්ෂයක් බලල නම් එක් ලක්ෂ එක් වෙනි කියවීම ගේන්න මම කැමති නැහැ.
(ය‍ට කී ‘විචාරකයෙකුට’ හෝ ‘දෙන්නං බැටයෙකුට’ වහාම පෙනෙන්නේ හඳගමගේ ප්‍රකාශයේ ‘ලක්ෂය’ යන්න විය හැක. ඔහුගේ චිත්‍රපටය ලක්ෂයක් දෙනා නොබැලූ බවට ඔවුන් වහාම කරුණු ගොණු කරනු ඇත!)
සිනමාව කියවීම යනු වඩවා ගත යුතු මෙන්ම අභ්‍යාස කල යුතු දෙයකි. සිනමා විචාරය සඳහා මනා වූ කියවීමක් අත්‍යා‍වශ්‍ය වේ. වෙසෙසින්ම, සංහතික මාධ්‍ය (භාවිත වචනයට අනුව ජන මාධ්‍ය) උදෙසා ලියැවෙන විචාර පාඨනය කරනුයේ සාමාන්‍ය ජනතාව නිසාම ඒ සඳහා වන වගකීම ද ඉහළ නගී. සාමාන්‍ය පාඨකයා උදෙසා ලිවීම සරල කොට තැකීමම සිනමා ප්‍රේක්ෂකයා වඩාත් වර්ධනීය තත්වයක් වෙත ගෙන යන මග අසුරා ලීමකි. එහෙයින් සිනමාව උදෙසා හෝ සිනමාව ගැන ලිවීම සරල හෝ ශාස්ත්‍රාලීය ලෙස ‍වෙන් කිරීම ප්‍රවේශමෙන් කළ යුතු ය. සැබැවින්ම සරල විය හැක්කේ වහරන ආකාරය හෝ තර්කය ඉදිරිපත් කරන ස්වභාවය මිස අන්තර්ගතය නොවේ.
වර්තමානයේ මෙරට මතු නොව සමස්ත ලෝකය ගෙන විමසුව ද ප්‍රශස්ථව සිනමා කෘතියක් විචාරයට ලක් කරන්නන් දුලබ බව සඳහන් වන්නකි. කෙසේ වුවද අප කොදෙව්ව දෙස බැලීමේ දී තත්වය වඩාත් බිහිසුණු බව නම් පැහැදිලිය. යම් චිත්‍රපටයක් සෑදෙන විටම (ඇතැම් විට මුහුරත් උළෙල තැබූ පමණින්) ඒ සඳහා ‘බැටය දීමට’ සූදානම් කවුදැයි වටහාගැනීම අපහසු නැත. හඳගමට ප්‍රතිපක්ෂ‍‍ව නලින් ද සිල්වා නිතරම කෑ මොර ගසද්දී චින්තන ධර්මදාස‍ට ප්‍රතිපක්ෂව දීප්ති ගුණරත්න ආම්පන්න රැගෙන එයි. නලින් හෝ දීප්ති, සිනමා විචාරය සබැඳිව සිදු කරන සොයා යෑම මෙහිලා කිසිවකුට නොවැදගත් වන අතරම ස්වකීය ‘විචාර වීරයාගේ’ ‘රජිනි කාන්ත් - ස්වරූප’ ප්‍රහාර වලට හුරේ දැමීමට පමණක් අන් අය නැගී එනු පෙනේ.
ප්‍රසන්න විතානගේ සාදන චිත්‍රපටය පිළිබඳ සාකච්ඡාවකට නොගොස් ප්‍රසන්නට ‘බැටේ දීමට’ නම් කළ යුත්තේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය වෙන් කො‍ට යට කී ස්වරූප විචාර වීරයන් කිහිප ‍දෙනෙකුට ආරාධනා කිරීමය. ශාලාවේ කිසිදු විසංවාදයකට ඉඩ නොතබාම ඔවුන් කාර්යය ඉටු කරනු ඇත.
වීරයාගේ භූමිකාව පණ නොපොවන විචාරකයින් බොහෝ දෙනෙකු සිදු කරන්නේ ‘සුදු සීයා’ කෙනෙකු වීමය. ඔවුන්ට අනුව නම්, එලෙස පහර දීම ‘පව්’ ය. හේතුව කෘතිය විමසන කළ එය සමාජ යථාර්ථය මනාව ග්‍රහණය කොටගෙන තිබීම ය; එහි නළු නිළියන් අපූරුවට භාව නිරූපණය කර තිබීම ය; සංගීත නිර්මාණකරු මැනැවින් අන්තර්ගතය හඳුනාගෙන පරිපූර්ණ සංගීතයක් නිර්මාණය කොට තිබීමය; කැමරා අධ්‍යක්ෂවරයා කෘතිය‍ට සාධාරණය ඉෂ්ට කොට තිබීම ය; අවසන නිර්මාණකරු ප්‍රතිභාපූර්ණව සිය නිර්මාණය විශිෂ්ට ලෙස සාදා තිබීම ය!!
සිනමා විචාරක ‘සුදු සීයලාගේ’ ඉහත ආකාර සඳහා උදාහරණ පුවත්පත් සින‍මා පිටුවල ගහණ ය. කරුණු කෙසේ වුව, පොදු ප්‍රේක්ෂකයා යට කී දෙයාකාරයෙන් තරමකට හෝ ලං වීමට කැමැත්තේ සුදු සීයා වෙත ය. ලෙස්ටර් යනු සිංහල සිනමාවේ ලකුණ බව ද, පතිරාජ සහ ඔබේසේකර සාදා තිබෙන්නේ ම වාමාංශික නැඹුරුවකින් යුතු යථාර්ථවත් කෘති බව ද, හඳගමගේ කෘති ‍යථාව ග්‍රහණය කරගන්නා මුත් සාමාන්‍ය ප්‍රේක්ෂකයා‍ට දුරස්ථ බව ද, විමුක්ති තවම දේශීය සිනමාවේ මානයන් හඳුනාගෙන නොමැති බව ද, සෝමරත්න දිසානායක සාර්ථකම ළමා චිත්‍රපට සාදාන්නා බව ද කලින් දිනයක සුදු සීයා කතන්දර සමග කියා දී ඇති බැවිනි.
තත්වය මෙසේ වද්දී සිනමාව පිළිබඳ කෙරෙන හරවත් විචාරශීලී කතිකාව ගමන් ගන්නා දිශානතිය පැහැදිලි ය. සිනමා නිර්මාණකරුවන් ගල් ගසා මරණ හෝ සුරතල් කෙරෙන විචාර වීරයන්‍ට සහ සුදු සීයලාට සිය  ‘බැට දීම්’ හා ‘කතන්දර කීම්’ කරන්නට ඉඩ දී සැබෑ සිනමා විචාරය‍ට මග විවර කළ යුතු ය. ය‍ට කී දෙපාර්ශවයේ සිනමා විචාර නොවන ප්‍රහාර හා කතන්දරවල යථාව හඳුනාගැනීමට සාමාන්‍ය පොදු ප්‍රේක්ෂකයා මෙහෙයවිය යුතු ය. ඒ සඳහා ශාස්ත්‍රාලීය හා නොවන මට්ටම් වලින් ප්‍රවේශ විය යුතු ය. ඉහත කී පරිදි එහිලා සරල විය යුත්තේ වහරන ආකාරය හෝ තර්කයන් ඉදිරිපත් කරන ස්වභාවය මිස අන්තර්ගතය නොවේ.

Friday, December 31, 2010

මෙය ක‍ඩවෙන්නා වූ පොරොන්දුවක් නම් නොවේ!


‍හෙටින් නව වසරක් ඇරඹෙයි. අද 2010 වසරේ අවසන් දිනයයි.

1895 වසරේ දෙසැම්බර් මස 28 දින ඇරඹි ලෝක සිනමා ගමනට අද‍ට වසර 115කුත් දින 03කි! කාලය ඉක්ම යමින් පවතී. ලුමියේ සොයුරන්ගේ මුල්ම චලන රූ අතරින් ආ දුම්රිය දුටුවන් ලෙස අපි අද සිනමා රුවට බියේ පැන නොදුවන්නෝ වෙමු. සිනමාව වූ කලී ප්‍රබල සමාජ කතිකාවක් බවත්, තත්කාලීන වින්දන මාධ්‍යයන් අතර එය ප්‍රමුඛ බවත් අපි දනිමු.

ලෝක සිනමා උළෙලක හොඳම චිත්‍රපටය වීදියේ සී.ඩී. වෙළෙන්දා ළඟ රුපියල් 100යට හමුවද්දී, එම කෘතියම වෙබ් අවකාශ වලින් ලොවටත් හොරා අපේ පරිගණකයට බාගත වෙද්දී, මෙරට ශාලාවට ඒමට පෙර එහි 'අසභ්‍ය' දර්ශන වර්ග කිරීමට දුවන සභ්‍යත්වයේ මහත්වරුන්ද වන බව අපි දනිමු. මුදල් නොමැතිමුත්, සිය ජංගම දුරකථනයෙන් හෝ ආත්ම ප්‍රකාශනයට ඉඩ සොයන තරුණ සිනමා 'පිස්සන්' ද ව‍ටපිටාවේ දී හමුවන අතර පාඨමාලා අතර නව සිනමා දැනුම සොයන්නන්ද, සිනමා දැනුම 'බෙදන්නන්'ද අප‍ට හමු වේ.

සරල බසින් නම්, සිනමාව හැම තැනමය. විශ්වවිද්‍යාලයේ සිට කඩ වීදිය දක්වාත්, ජංගම දුරකථනයේ සිට අන්තර් ජාලය දක්වාත් සිනමාව හමුවේ. චිත්‍රපට සංස්ථාවේදී පමණක් සිනමාව හමුවන්නේ අවමයෙනි!

අද මම සිනමා කතිකාව අරඹමි. ඩොලර් බිලියන ගණනින් මුදල් සැරිසරන, ක‍ඩවසම් තරුණයින් හා සරාගී තරුණියන් හමුවන, ජීවිතය සොයා සිනමා අභිනික්මන‍ට බට අපූරු අධ්‍යක්ෂවරුන් වෙසෙන සෙලියුලොයිඩ් ලොව පිළිබඳ අපි සාකච්ඡා කරමු.

එය කඩ නොවන පොරොන්දුවකි.